Sunday, July 26, 2026
Homeක්‍රීඩාවාර්තා පිට වාර්තා තබමින් නේපාලය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි.

වාර්තා පිට වාර්තා තබමින් නේපාලය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි.

නව ක්‍රිකට් ලෝක වාර්තා 3ක් සමගින් වාර්තාගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (27) නේපාලය සමත් වුණා.

ඒ Asian Games හිදී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී.

මෙහිදී නේපාලයේ Kusal Malla විස්සයි විස්ස ලොව වේගවත්ම ශතකය වාර්තා කළා.ඒ පන්දු 34ක් වැය කරමින්.

පන්දු 50ක් තුළ ඔහු ලකුණු 137* ක් රැස් කළා.

මෙහිදී Dipendra Singh විස්සයි විස්ස ලොව වේගවත්ම අර්ධ ශතකයට හිමි වාර්තාව තමා සතු කරගත්තා.

ඒ පන්දු 9 කින් ලකුණු නොදැවී 50ක් රැස් කරමින්.

මේ අතර විස්සයි විස්ස තරග ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.

නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ක් පමණක් දැවී ඔවුන් රැස් තුළ ලකුණු සංඛ්‍යාව ලකුණු 314ක්.

මොංගෝලියාවට එරෙහි මෙම තරගය ලකුණු 273ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නේපාලය සමත් වුණා.

file
READ:   දින 10ක් තුළ ඩෙංගු රෝගීන් 900ක්. පාසල් ළමුන් අවදානමක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්