තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කලේය .
කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.
කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැව්රිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල්
යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.
වසර 20 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල අතර , විශාල පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…