දේශීය

“නිපා වෛරස” ව්‍යාප්තිය ගැන සෞඛ්‍ය අංශවලින් තීරණයක්. ‘රා’ බොන අයට නිපා දරුණු වෙයි.

අගෝස්තු මාසයේ සිට කේරළ ප්‍රාන්තයේ පැතිර යන නිපා වෛරසය මීට පෙර බංග්ලාදේශය තුළ ද පැතිර ගිය බැවින් එය අලුත් රෝගයක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

කොවිඩ් වසංගතය මෙන් නිපා ව්‍යාප්තිය ගැන ජනතාව බිය නොවිය යුතු බවත් රට වැසීම වැනි තත්ත්වයන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළා.

නිපා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව පැවසුවා.

ඉතා සාමාන්‍ය විදිහට පියවර ගැනීම තුළ රෝගය පැතිරීම පාළනය කළ හැකි බව ඔහු පවසනවා.

මුත්‍රා මඟින්, ආහාර තුළ ආසාදිත වෛරස තැවරිම, වෛරසය වැළඳුණු රෝගීන් ඉතා ළඟින් ඇසුරු කිරීම මඟින් මෙම රෝගය බෝ විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම රෝගය සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගන්නා බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතෙත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ නිපා වෛරසය හේතුවෙන් කිසිසේත් විශාල අවදානම් තත්ත්වයක් ඇතිව නැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ජානකී අභය නායක..

මේ වෛරසය වවුලන් තුළ තමයි ඇති වෙන්නේ වවුලාගේ ශ්‍රාවයන් සමඟ වෛරස එළියට එන්න පුළුවන් වවුලා පලතුරු කනවා රා මුට්ටි වලට ගිහිල්ලා රා බොනවා ඒ අවස්ථාවල දී ශ්‍රාවයන් රා මුට්ටි වලට පලතුරු වලට එකතු වෙන පුළුවන්. ආසාදිත වවුලෙක් ගෙන් ආසාදිත පලතුරක් මනුස්සයෙක් අනුභව කළොත් මනුෂ්‍යයාට ඇති වෙන්න පුළුවන්. ඌරන්ගෙන් වෛරසය එළියට එන්න පුළුවන්.

ෆිට් එක එන්න පුළුවන් හුස්ම ගැනීමේ අපහසුතාව එන්න පුළුවන් මනුස්සයෙකුට මේ වෛරස ඇතුළු වුනොත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය වෙනවා විශේෂ ප්‍රතිකාරයක් නෑ supportive care එක දෙන්න තියෙන්නෙ එන්නත කුත් නෑ ලෝකේ.

කේරළ ඉන්දියාව වගේ රටවල් වලට යනවනම් ඒවායේ ගියාම පලතුරු වගේ දේවල් ආහාරයට ගන්නවා නම් ඒවා ඉතා සෝදලා බලලා සතෙක් දෂ්ට කරලා ද කියලා බලලා ඒවා ආහාරයට ගන්න හොඳට පලතුර සෝදලා ආහාරයට ගන්න.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

23 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago