Sunday, June 7, 2026
Homeදේශීයමීරිගම රබර් කර්මාන්ත ශාලාවේ ගින්න තවදුරටත් 

මීරිගම රබර් කර්මාන්ත ශාලාවේ ගින්න තවදුරටත් 

මීරිගම, දංඕවිට හොරගස්මංකඩ රබර් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න තවදුරටත් පවතින බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (27) රාත්‍රී 9 ට පමණ මෙම ගින්න හටගෙන තිබුණා.

ගම්පහ, කොළඹ සහ වතුපිටිවල ආයෝජන කලාපයට අයත් ගිනි නිවීමේ රථ ගින්න නිවීම සඳහා යොදා ගෙන තිබෙනවා.

ගින්නෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නැති අතර රසායනික ද්‍රව්‍ය සහිත කොටසක ගින්න හටගෙන ඇති බව සඳහන්.

ගින්න සම්පූර්ණයෙන් නිවා දමා නැති අතර පොලිසීය යුද හමුදාව ද එක්ව ගින්න නිවීමේ කටයුතු ක්‍රියාත්මක යි.

READ:   ඉන්දියාව ආසියානු කුසලානය දිනාගනී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්