දේශීය

රේගුවේ රඳවා ගත් වාහන 133ක ෆයිල් අතුරුදන්

විවිධ අංශ විසින් සිදු කරන රේගු විමර්ශනවලදී රේගු භාරයට ගෙන රඳවා ගත් වාහන 133ක විමර්ශන ලිපිගොනු අස්ථානගත වී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය විසින් මේ අනාවරණය කළ බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

රේගු විමර්ශනවලදී රේගු භාරයට ගත් රථ වාහන 435ක් බහාලුම් 91ක් මේ වර්ෂයේ ජනවාරි 31 වන විට පෞද්ගලික ආයතනයකින් කුලී පදනමින් ලබා ගෙන ඇති අංගනයක ගාල් කොට තිබෙනවා.

ඉන් වාහන 261ක් සහ බහාලුම් 86ක් වසර 5කට අධික කාලයක සිට එම අංගනයේ රඳවා ඇති බව සඳහන්.

වසර 5කට අධික කාලයක් ගාල්කොට ඇති මෙම වත්කම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගක් නොපමාව ගත යුතු බව විගණනය මඟින් නිර්දේශ කර තිබෙනවා.

වාහන රඳවා ගැනීම සඳහා වර්ග අඩි 18,000ක භූමි භාගයක් පෞද්ගලික අංශයෙන් ලබා ගෙන ඇති අතර ඒ සඳහා 2015 සිට 2020 දක්වා ගෙවීය යුතු මුළු කුලී මුදල රුපියල් කෝටි 7ක් බව විගණන වාර්තා සඳහන් කරනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago