Tuesday, September 8, 2026
Homeදේශීයඅවිස්සාවේල්ලේ වෙඩි පත්තුවෙයි: දෙදෙනෙකු මරුට

අවිස්සාවේල්ලේ වෙඩි පත්තුවෙයි: දෙදෙනෙකු මරුට

අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රද්ශයේදී ඊයේ (20) රාත්‍රීයේ ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් හතර දෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් හා 36ක් වන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියක් යොදා ගෙන වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

READ:   ඊයේ පාර්ලිමේන්තු පැමිණි මන්ත්‍රී වරයෙකුට කොවිඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්