Tuesday, September 22, 2026
Homeදේශීයබස් රථයක ගැටී කාන්තාවක් මරුට

බස් රථයක ගැටී කාන්තාවක් මරුට

අද (21) උදෑසන අවිස්සාවේල්ල, මාදොළ ප්‍රද්ශයේදී රත්නපුර දෙස සිට අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා පසුව අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 75 ක් වූ අවිස්සාවේල්ල ප්‍රදේශයේ කාන්තාවකි.

බස්රථය බස් නැවතුම තුළ නවත්වා මගීන් නන්වාගෙන නැවත ඉදිරියට ධාවනය කිරීමේදී එක්වරම මාර්ගය හරහා ගමන් කළකාන්තාව බසයේ ගැටී ඇති බව පොලිසිය පවසනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

READ:   වාහන 10ක් එකිනෙක ගැටුණ පස්යාල අනතුරේ තරම (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්