Thursday, July 30, 2026
Homeදේශීයමැයි 09 ගිනිබත් වූ බස්රථවලට වන්දි ඉල්ලයි

මැයි 09 ගිනිබත් වූ බස්රථවලට වන්දි ඉල්ලයි

අරගලය අතුරතුර නිවාස හානී වූ ඇමතිවරුන්ට වන්දි ලබා දෙන්නේ නම් මැයි 09 වනදා ගිනිබත් වූ බස් රථවලට ද වන්දි ලබා දිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

පෞද්ගලික බස්රථ 50කට ආසන්න සංඛ්‍යාවක් අරගලය හේතුවෙන් සම්පුර්ණයෙන්ම විනාශ වූ බවත් තවත් බස් රථ 50ක් පමණ අර්ධ වශයෙන් විනාශ වූ බවත් එම සංගමය පෙන්වා දෙනවා.

හානි වූ බස් රථ සඳහා රක්ෂණය මගින් ලබා දෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ.

ඇමතිවරුන්ගේ ගිනි ගත් නිවාස සඳහා කොටසකට හෝ වන්දි ගන්න ඔවුන් කටයුතු කර තිබුණද එහෙත් විනාශ වූ බස් රථ කොටසකට හෝ වන්දි නොලැබුණු බව ඔහු පවසනවා.

ඒ අනුව බස් රථයකට මිලියන 10 බැගින් බස් රථ 50ක් සඳහා මිලියන 500ක් ලබා දීම ලොකු මුදලක් නොවන බව විජේරත්න මහතා සඳහන් කළා.

READ:   මැයි 09 අරගලේදී හමුදාවට වෙඩි තියන්න අපි නියෝග දුන්නා - අධිකරණ ඇමති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්