Wednesday, July 22, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා ක්‍රීඩා කරන T20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී.

ශ්‍රී ලංකාවේ ලෙජන්ඩ්ලා ක්‍රීඩා කරන T20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයින් රැසක් එක්වෙන විස්සයි විස්ස තරගාවලියක් ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

සනත් ජයසූරිය, චමින්ද වාස්, රොමේෂ් කළුතාරණ සහ උපුල් චන්දන මෙහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනවා.

ඉන්දියාවේ මාර්ගවල ආරක්ෂිත පරිසරයක් ලබා දීමේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සදහා මෙම තරගාවලිය පැවැත්වෙනවා.

‘No Honking Twenty 20 Series’ ලෙස මෙම තරගාවලිය නම් කර තිබෙනවා.

මේ මස 16 පටන් 18 දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩකයින් රැසක් එක්වෙනවා.

මුම්බායි හි නේතාජි සුභාෂ් චන්ද්‍රබෝස් ක්‍රීඩාංගණයේ දී මෙහි තරග පැවැත්වෙනවා.

file
READ:   Galle Gladiator හමුවේ Kandy Falcons පරාජයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්