Thursday, April 23, 2026
Homeක්‍රීඩාහිස් අතින් ආපු අයර්ලන්තය ටෙස්ට් කප් එකත් උස්සන් යයිද?

හිස් අතින් ආපු අයර්ලන්තය ටෙස්ට් කප් එකත් උස්සන් යයිද?

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගි වන අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද(09) දිවයිනට පැමිණියා.

දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 16 වැනිදා ආරම්භ වන අතර දෙවන තරගය ලබන 24 වැනිදා ආරම්භ වෙනවා.

තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අයර්ලන්තය තවමත් ටෙස්ට් වරම් ලබා නොගත් කණ්ඩායමක්.

ඒ අනුව, ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය ටෙස්ට් තරගාවලියකට සහභාගි වන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ දිනවල ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පවතින පසුබෑමත් සමග මෙම තරගාවලිය දැඩි තරගකාරී බවක් ගනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් අනාවැකි පළ කරනවා.

ශ්‍රී ලංකාව අවසන් වරට නවසීලන්තයේදී සහභාගි වූ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පරාජයට පත් වූ අතර එහි අවසන් තරගය ඉනිමක දරුණු පරාජයක් ලැබීම විශේෂත්වයක්.

මේ අතර මෙය දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාවට ⁣ටෙස්ට් නායකත්වය ලබාදෙන අවසන් තරගාවලිය ද වීම තවත් විශේෂත්වයක්.

READ:   Airtel, Dialog සමග එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්