file
16 වන ආසියානු ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කෙටිම කාලයක් තුළ මව් බිම තුළදී පරාජය කරමින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සියලුදෙනා පන්දුවාර 10 අවසන් වීමටත් පෙර දැවි ගියේ දහසක් මෙරට ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සුණු විසුණු කර දමමින්.
පන්දුවාර 15.2 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී යන්නේ ආසියානු තරගාවලි ඉතිහාසයේ අවම ලකුණු සංඛ්‍යාවකින් නිමාවූ ඉනිමක් වාර්තා කරමින්.
ආසියාවේ ක්‍රිකට් රජුන් තීරණය කෙරෙන ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාවට කළ යුතුව තිබුණේ පිළිතුරු වශයෙන් ලකණු 51ක් ලබා ගැනීම පමණයි.
කිසිවෙකු නොදැවී පන්දුවාර 6.යි පන්දු 1 තුළ එම ඉලක්කය පසුකර යෑමට ඔවුන් සමත් වුණා.
රිසි සේ පහර දුන් Ishan Kishan සහ Gill පිළිවලින් ලකුණු 23ක් සහ 27ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායමේ එකදු කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට නොහැකි වීම විශ්මය ජනක සහ ලැජ්ජා සහගතම දෙයක් බවයි අප පවසන්නේ.
ඒ අනුව මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ලද ලැජ්ජා සහගතම පරාජයක් ලෙස මෙම පරාජය හැඳින්විය හැකියි.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…