file
මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.
මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින්.
රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් ඒ සඳහා සහභාගී වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එහි දී පාර්ලිමේන්තුවේ කාරක සභා ක්‍රියාවලිය පිළිබඳ, පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ නීති සම්පාදන ක්‍රියාවලිය, පාර්ලිමේන්තුවට මහජන ප්‍රවේශය, පාර්ලිමේන්තු ක්‍රමවේදය සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරීම් කර තිබෙනවා.
පාර්ලිමේන්තුව විසින් සම්පාදනය කරන ලද වටිනා පොත් කට්ටලය බැගින් විශ්වවිද්‍යාල පුස්තකාල සඳහා බෙදාදීම ද මෙහිදී සිදු කෙරුණා.
වැඩසටහනට සහභාගී වූ විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු චාරිකාවක් සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් සංවිධානය කර තිබුණා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…