Tuesday, September 15, 2026
Homeදේශීය2023 ක්‍රිකට් ලෝක කුසලානය අද මෙරට දී ප්‍රදර්ශනය කෙරේ..

2023 ක්‍රිකට් ලෝක කුසලානය අද මෙරට දී ප්‍රදර්ශනය කෙරේ..

අයි.සී.සී 2023 ක්‍රිකට් (පිරිමි) ලෝක කුසලානය ලොව වටා ප්‍රදර්ශනය කෙරෙන සංචාරය, ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මේ වන විට ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා ලෝක වෙළඳ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ක්‍රිකට් ලෝක කුසලානය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් අද (14) උදෑසන වන විටත් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනයට විවෘතව තැබෙනවා.

පස්වරු 3.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රිකට් ලෝක කුසලානය One Galle Face Mall හිදී නැරඹිය හැකියි.

file
READ:   තීරණාත්මක Super six වටය අදින් ඇරඹේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්