Friday, April 17, 2026
Homeදේශීයනවක වදය දුන්නොත් එක වට්ස්ඇප් පණිවිඩයෙන් දිවයින පුරා CIDය ක්‍රියාත්මක යි.

නවක වදය දුන්නොත් එක වට්ස්ඇප් පණිවිඩයෙන් දිවයින පුරා CIDය ක්‍රියාත්මක යි.

දිවයින පුරා විශ්වවිද්‍යාලවල නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පැය විසිහතර පුරා ක්‍රියාත්මක එම අංකය – 076 545 3454 වෙනවා.

මෙම දුරකථන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙහිදී අදාළ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු වන අතර එම දෙපාර්තමේන්තුව විසින් සෘජුවම ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

නවක වදය සම්බන්ධයෙන්- 1997 කෙටි දුරකථන අංකයට ද දැනුම්දීම් කළ හැකියි.

READ:   WhatsApp භාවිතයේ පෙරළිකාර වෙනසක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්