Sunday, June 14, 2026
Homeදේශීයඅස්වැසුම දෙන්නේ කොච්චර කාලෙකටද? මෙන්න තීරණය

අස්වැසුම දෙන්නේ කොච්චර කාලෙකටද? මෙන්න තීරණය

අවුරුදු 03ක් ඇතුළත අස්වැසුම දීමනාව ලබා දීම නතර කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා පවසනවා.

එම කාලය අතරතුර ප්‍රතිලාභීන් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිගේ උපදෙස් මත සැලැස්මක් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනවාරි මාසය දක්වා නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක අස්වැසුම, ඉන්පසු නියම පරිමාණයෙන් ක්‍රියාත්මක කරන බව ඒ මහතා පවසනවා.

ජනවාරි මාසයේ සිට ඒ සඳහා අයවැයෙන් ද මුදල් වෙන් වෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ ලක්ෂ 12ක පිරිසකට ප්‍රතිලාභ ලැබීමට නියමිතයි.

READ:   මන්දිරවල ඇඟිලි සලකුණු ඇති කිසිවකුටත් රටින් පනින්න බෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්