දේශීය

සුපිරි 4 වටයේ තීරණාත්මක තරගය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා.

ඒ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම වැදගත් වෙනවා.

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව මේ වන විටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටිනවා.

අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමඟ අවසන් මහා තරගයට එක්වෙනවා.

අද තරගයට වර්ෂාවෙන් බාධා පැමිණ කණ්ඩායම් දෙකටම සමාන ප්‍රසාද ලකුණු ලැබී තරගය නතර වුවහොත් ද ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට අවස්ථාව හිමිවෙන බව සඳහන්.

ඒ පාකිස්තාන කණ්ඩායමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් ලකුණු ලබා ගැනීමේ දල වේගය ඉදිරියෙන් පැවතීම හේතුවෙන්.

තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා.

Recent Posts

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

16 hours ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

16 hours ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

6 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago