file
දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ සේවකයින් බඳවාගැනීම, විශ්‍රාම ගැන්වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින්.
වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී ඇති බව වාර්තා වෙනවා.
උදෑසන හලාවත, ගනේවත්ත,අලුත්ගම සිට කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වෙනවා.
කොළඹ සිට ධාවනයවීමට නියමිත කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු වී තිබෙනවා.
රඹුක්කන, පොල්ගහවෙල , මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් දුම්රිය පැමිණෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
මන්දගාමි දුම්රිය අවලංගු වීමේ වැඩි හැකියාවක් පවතිනවා.
කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු විය හැකි අතර ධාවනයට එක්වෙන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දුම්රිය ගමන්වාර 20ක් පමණ වර්ජනය හේතුවෙන් අවලංකු වී ඇති බව සඳහන්.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…