Wednesday, July 29, 2026
Homeදේශීයවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමය ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ධාවනාගාර කිහිපයක වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සේවකයින් බඳවාගැනීම, විශ්‍රාම ගැන්වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින්.

වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වී ඇති බව වාර්තා වෙනවා.

උදෑසන හලාවත, ගනේවත්ත,අලුත්ගම සිට කොළඹට පැමිණෙන දුම්රිය කිහිපයක් මෙලෙස අවලංගු වී ඇති බව වාර්තා වෙනවා.

කොළඹ සිට ධාවනයවීමට නියමිත කෙටි දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු වී තිබෙනවා.

රඹුක්කන, පොල්ගහවෙල , මහනුවර, මහව, කුරුණෑගල, ගාල්ල, අවිස්සාවේල්ල යන ප්‍රදේශවලින් දුම්රිය පැමිණෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මන්දගාමි දුම්රිය අවලංගු වීමේ වැඩි හැකියාවක් පවතිනවා.

කාර්යාල දුම්රිය කිහිපයක් ද අවලංගු විය හැකි අතර ධාවනයට එක්වෙන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුම්රිය ගමන්වාර 20ක් පමණ වර්ජනය හේතුවෙන් අවලංකු වී ඇති බව සඳහන්.

READ:   රජය පුරුදු පරිදි බැංකු වැඩ කියයි. වෘත්තීය සමිති හෙට බැංකු වැඩ නෑ කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්