දේශීය

අපරාජිත ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජිත වෙයි

ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය ලකුණු 41 කින් ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.

Rohit Sharma ලකණු 53 (48) ක්,KL Rahul ලකණු 39 (44) ක් වශයෙන් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ දුලිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 05ක් බිඳ දැමුවා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 04ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.පන්දු 3 ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත් නොවීම කැපී පෙණුනා.

බිඳවැටී තිබූ තරගයට ජයග්‍රාහණය ගැන බලාපොරොත්තු ගෙන ඒමට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා සමත්වුණා.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා ලකුණු 41(66) කට දැවී යාමත් සමඟ නැවත වරක් ඉන්දීය කණ්ඩායම තරගය තමන්ට නතු කර ගත්තා.

හුදෙකලා සටනක නිරත වූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42(46) ක් රැස් කළා.

චරිත් අසලංක ලකුණු 22(35) යි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Kuldeep Yadav කඩුලු 04ක් දවා ගත්තා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

12 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago