Saturday, June 6, 2026
Homeක්‍රීඩාඅපරාජිත ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජිත වෙයි

අපරාජිත ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පරාජිත වෙයි

ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය ලකුණු 41 කින් ජය ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.

Rohit Sharma ලකණු 53 (48) ක්,KL Rahul ලකණු 39 (44) ක් වශයෙන් රැස් කළා.

අගනා පන්දු යැවීමක නිරත වූ දුලිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 05ක් බිඳ දැමුවා.

චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 04ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 214ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.පන්දු 3 ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 172ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට සමත් නොවීම කැපී පෙණුනා.

බිඳවැටී තිබූ තරගයට ජයග්‍රාහණය ගැන බලාපොරොත්තු ගෙන ඒමට දුනිත් වෙල්ලාලගේ සහ ධනංජය ද සිල්වා සමත්වුණා.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා ලකුණු 41(66) කට දැවී යාමත් සමඟ නැවත වරක් ඉන්දීය කණ්ඩායම තරගය තමන්ට නතු කර ගත්තා.

හුදෙකලා සටනක නිරත වූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 42(46) ක් රැස් කළා.

චරිත් අසලංක ලකුණු 22(35) යි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Kuldeep Yadav කඩුලු 04ක් දවා ගත්තා.

READ:   මහ වැසි නොතකා ක්‍රිකට් පිටිය ආරක්ෂා කළ කාර්ය මණ්ඩලයට අ.මෙ ඩොලර් 50,000ක ත්‍යාගයක්. තරගයේ වීරයාත් දායක වෙයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්