ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213ක් රැස් කළා.
නායක Rohit Sharma ලකණු 53 (48)ක්, KL Rahul ලකුණු 39(44) Ishan Kishan ලකුණු 33 (61) වශයෙන් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 05ක් බිඳ දැමුවා.
චරිත් අසලංක කඩුලු 04ක් දවා ගත්තා.
47 වන පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරුණා.
214ක ඉලක්කයක් හබා යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.


