Wednesday, April 15, 2026
Homeක්‍රීඩාවැස්සට සේදුන ඉන්දු පාකිස්ථාන ගැටුම අද යළි ඇරඹේ..

වැස්සට සේදුන ඉන්දු පාකිස්ථාන ගැටුම අද යළි ඇරඹේ..

ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ඊයේ (10) වර්ෂාව හේතුවෙන් නවතා දැමුවා.

තරගය පැවැත්වුණේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී.

ඒ අනුව තරගය අද (11) අතිරේක දිනයකට කල් දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර නතර කළ තැන සිට තරගය අද පස්වරු 03.00ට ආරම්භ වෙනවා.

පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24.1 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා පැමිණුනා.

මෙහිදී Rohit Sharma ලකුණු 56ක්(49) , Shubman Gill ලකුණු 58ක් රැස් කළා.

Virat Kohli සහ KL Rahul නොදැවී පිළිවෙලින් ලකුණු 8, 17 බැගින් ලබාගෙන සිටියා.

READ:   පාකිස්තානයට ලකුණු 194ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්