ඉන්ධන ලීටරයක් රු.250කට ලබාදිය හැකි බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යයක් බව විගණකාධිපතිවරයා පවසනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) විගණකාධිපතිවරයා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා එම ප්‍රකාශයෙන් සමස්ත ජනතාවම නොමග යවා ඇති බව විගණකාධිපතිවරයා පැහැදිලි කරනවා.
හිටපු සභාපතිවරයා ඉදිරිපත් කරන දත්ත හා ගණනය වැරදි බවයි විගණකාධිපතිවරයා පවසන්නේ.
ඒ අනුව ප්‍රසිද්ධ නිවේදනයකින් සති දෙකක් තුළ ඒ බව ජනතාවට දැනුම්දෙන ලෙසට මෙහිදී ඔහු නියෝග කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඉකුත් 6 වනදා රැස් වුණා.



