Saturday, July 11, 2026
Homeදේශීයදේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදයම් සංශෝධන පනත් කෙටුම්පතට වැඩි ඡන්දයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 07 වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්ව තිබෙනවා.

පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඒ සඳහා කමිටුවේ බහුතර අනුමැතිය ලැබුණු බව එම කාරක සභාව සඳහන් කරනවා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක යන අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව සඳහන්.

file
READ:   චාමර ගැන හදිසියේම ලැබුණු ආරංචිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්