දේශීය

බංග්ලාදේශයට 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරගයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 257ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම ලකුණු 93ක් පන්දු 72කින් රැස් කිරීමට සමත්වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 50 (73)යි. පැතුම් නිස්සංක ලකුණු 40 (60) ක් ලබා ගත්තා.

අගනා පන්දු යැවීමක නිරත වූ Taskin Ahmed සහ Hasan Mahmud කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

Shoriful Islam කඩුලු 02ක් දවා ගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හබා යෑමට බංග්ලාදේශ කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

12 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago