දේශීය

රනිල් වික්‍රමසිංහ මැරීමට තුවක්කුවක් ඉල්ලූ පාන් බට්ටා අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතනයට ස්නයිෆරයක් අවශ්‍ය බව පවසා මුහුණු පොතේ සටහනක් තැබු තරුණයෙක් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 19 වන එප්පාවල මැඩියාව ප්‍රදේශයේ තරුණයෙකි.

ඊයේ (03) දින පෙරවරුවේ එප්පාවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ එළඹෙන 07 වනදා ජනාධිපතිවරයා එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ 150 වන සංවත්සරය සඳහා සහභාගීවීමට නියමිතව තිබියදී බව වාර්තා වෙනවා.

ආදාළ තරුණයා බේකරි නිෂ්පාදන ජංගම අලෙවිකරුවෙකු ලෙස සේවය කරන බව සඳහන්.

තමාට ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සැලැස්මක් හෝ අවශ්‍යතාවක් නැති බවත් අදාළ ෆේස්බුක් සටහන දුරදිග නොහිතා තමන් පළ කළ බවත් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.

අදාළ තරුණයාගේ පියා කුලී රථ රියදුරකු ලෙස සේවය කරන බවත් ඔවුන් අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයින් නොවන බවත් අනාවරණය වී තිබෙනවා.

තමන් ස්නයීෆර් ගැන දැනගෙන ඇත්තේ පබ්ජි වැනි පරිඝණක හා ජංගම දුරකථන ක්‍රීඩා හරහා බව තරුණයා පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…

6 days ago

රඹෑව බස් අනතුරෙන් 5 දෙනෙකු මරුට

 රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…

7 days ago

Anyone Can Post, But Should Everyone Be Believed?

One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…

7 days ago

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

2 weeks ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

2 weeks ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 weeks ago