දේශීය

එංගලන්තයට එරෙහිව සිංහ කෙල්ලන් ජය කෙහෙලි නන්වයි..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව වාර්තා ගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (02) සමත්වුණා.

ඒ කඩුලු 08කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 104ක් පමණයි.

පන්දුවාර 18 ක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් දැවී ගියා.

Charlie Dean ලකුණු 34ක් (26) රැස් කළා.

ලකුණු 105ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13.යි පන්දු 2ක් තුළ තරගය ජය ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 31 කින් වේගවත් ලකුණු 55ක් රැස් කළා. ඊට හයේ පහරවල් 02ක් හතරේ පහරවල 8ක් ඇතුළත් වුණා.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30* (35)යි.

තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙනවා.

තරගාවලියේ එංගලන්තයේ දී පැවැත්වෙනවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

18 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago