ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා.
ඒ මහතා ඊයේ (10) මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද ආරාධනයකට අනුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීම් සිදුවන බවට වාර්තා වී ඇති කරුණු පිළිබඳව සොයා බැලීමක් ඒ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග ඒ මහතා ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඒ මහතා සහ මෙරට ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් අතර තවත් සාකච්ඡාවක් ඊයේ සවස පවත්වා තිබෙනවා.


