Tuesday, April 21, 2026
Homeක්‍රීඩාඑංගලන්තයට එරෙහිව සිංහ කෙල්ලන් ජය කෙහෙලි නන්වයි..

එංගලන්තයට එරෙහිව සිංහ කෙල්ලන් ජය කෙහෙලි නන්වයි..

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහිව වාර්තා ගත විස්සයි විස්ස ජයග්‍රාහණයක් ලබා ගැනීමට ඊයේ (02) සමත්වුණා.

ඒ කඩුලු 08කින් එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 104ක් පමණයි.

පන්දුවාර 18 ක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් දැවී ගියා.

Charlie Dean ලකුණු 34ක් (26) රැස් කළා.

ලකුණු 105ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 13.යි පන්දු 2ක් තුළ තරගය ජය ගත්තා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 31 කින් වේගවත් ලකුණු 55ක් රැස් කළා. ඊට හයේ පහරවල් 02ක් හතරේ පහරවල 8ක් ඇතුළත් වුණා.

හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 30* (35)යි.

තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙනවා.

තරගාවලියේ එංගලන්තයේ දී පැවැත්වෙනවා.

READ:   අම්බලන්තොටින් මෙතෙක් නොලැබූ ඉහළ වී අස්වැන්නක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්