Thursday, June 4, 2026
Homeක්‍රීඩාබංග්ලාදේශයට සුපිරි ජයක්

බංග්ලාදේශයට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ලකුණු 89කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 344ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ Mehidy Hasan ලකුණු 112ක් සහ Najmul Shanto ලකුණු 104ක් රැස් කළා.

ජයග්‍රාහණය සඳහා 345ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 245ක් පමණයි.

Ibrahim Zadran ලකුණු 75 (74), Hashmatullah Shahidi ලකුණු 51(60) වශයෙන් රැස් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් Taskin Ahmed කඩුලු 04ක් බිඳ දැමුවා.

Shoriful Islam කඩුලු 3ක් දවා ගත්තා.

READ:   2022 බුකර් සම්මානයක් ශ්‍රී ලාංකිකයෙකු දිනා ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්