දේශීය

පාකිස්තානයට ලකුණු 267ක ඉලක්කයක්

ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 266ක් රැස් කළා.

පන්දුවාර 48.5 වන විට ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දැවී ගියා.

Hardik Pandya පන්දු (90) 87ක්, Ishan Kishan පන්දු 81ක් තුළ ලකුණු 82ක් වශයෙන් රැස් කළා.

වරෙක බිඳ වැටී තිබුණු ඉන්දීය ඉනිම ගොඩ නගමින් Hardik සහ Ishan පන්දු 142 ක් තුළ ලකුණු 148ක සම්බන්තාවක් පවත්වා ගත්තා.

පාකිස්තානය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Shaheen Afridi කඩුලු 04 ක් බිඳදැමුවා.

ඒ නායක රෝහිත් ෂර්මාගේ සහ විරාත් කෝලි ගේ කඩුලු ද සමගින්.

Naseem Shah සහ Haris Rauf කඩුලු 03 බැගින් දවා ගත්තා.

ලකුණු 267ක ඉලක්කයක් හබා යෑමට පාකිස්තානය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

13 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago