ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 266ක් රැස් කළා.
පන්දුවාර 48.5 වන විට ඉන්දීය කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් දැවී ගියා.
Hardik Pandya පන්දු (90) 87ක්, Ishan Kishan පන්දු 81ක් තුළ ලකුණු 82ක් වශයෙන් රැස් කළා.
වරෙක බිඳ වැටී තිබුණු ඉන්දීය ඉනිම ගොඩ නගමින් Hardik සහ Ishan පන්දු 142 ක් තුළ ලකුණු 148ක සම්බන්තාවක් පවත්වා ගත්තා.
පාකිස්තානය වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Shaheen Afridi කඩුලු 04 ක් බිඳදැමුවා.
ඒ නායක රෝහිත් ෂර්මාගේ සහ විරාත් කෝලි ගේ කඩුලු ද සමගින්.
Naseem Shah සහ Haris Rauf කඩුලු 03 බැගින් දවා ගත්තා.
ලකුණු 267ක ඉලක්කයක් හබා යෑමට පාකිස්තානය කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.


