file
සියලු ඉන්ධන මිල ගණන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින්, එහි නව මිල – 361ක්,
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 42 කින්, එහි නව මිල – 417ක්,
ලංකා සදු ඩීසල් ලීටරයක් රුපියල් 35කින්, එහි නව මිල 341ක්,
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින්, එහි නව මිල 359ක්,
භූමිතෙල් ලීටරයක් රුපියල් 5කින්, එහි නව මිල 231ක්,
වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබුණා.
මෙම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට එම සමාගම ඊයේ කටයුතු කළා.
කෙසේ වෙතත් ඊයේ සිට මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.
චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් පසු මෙරට ආරම්භ කළ පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හල පෙර්දා (30) විවෘත කෙරුණා. ඒ කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ දී.
ප්‍රවර්ධනය සඳහා සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකට (පැරණි මිලට) රුපියල් 03ක වට්ටමක් ලබා දීමට එම සමාගම කළ බව වාර්තා වුණා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…