file
සියලු ඉන්ධන මිල ගණන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.
ඒ අනුව ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින්, එහි නව මිල – 361ක්,
ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 42 කින්, එහි නව මිල – 417ක්,
ලංකා සදු ඩීසල් ලීටරයක් රුපියල් 35කින්, එහි නව මිල 341ක්,
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින්, එහි නව මිල 359ක්,
භූමිතෙල් ලීටරයක් රුපියල් 5කින්, එහි නව මිල 231ක්,
වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබුණා.
මෙම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමීමට එම සමාගම ඊයේ කටයුතු කළා.
කෙසේ වෙතත් ඊයේ සිට මෙරට තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.
චීනයේ සිනොපෙක් ආයතනය සමඟ ගිවිසුම් ගත වීමෙන් පසු මෙරට ආරම්භ කළ පළමු සිනොපෙක් ඉන්ධන පිරවුම්හල පෙර්දා (30) විවෘත කෙරුණා. ඒ කොට්ටාව, මත්තේගොඩ ප්‍රදේශයේ දී.
ප්‍රවර්ධනය සඳහා සඳහා ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකට (පැරණි මිලට) රුපියල් 03ක වට්ටමක් ලබා දීමට එම සමාගම කළ බව වාර්තා වුණා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…