ජනතාවගේ ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.
රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වසනීය තැනකට මාසයක් ඇතුළත රට නොගෙන ආවොත්, ඔහු ඉල්ලා අස්විය යුතු බවත් එසේ නැතිනම් ආරක්ෂක ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවත් ඔහු පැවසුවා.
මේ වන විටත් ඒ සඳහා පසු පෙළ මන්ත්‍රීවරුන් ද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් යන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


