Friday, April 17, 2026
Homeදේශීයහෙද හෙදියන් 3000 ක් කඩිනමින් බඳවා ගැනේ.

හෙද හෙදියන් 3000 ක් කඩිනමින් බඳවා ගැනේ.

මෙරට හෙද සේවාව සදහා තවත් හෙද හෙදියන් 3000 ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ පසුගියදා (29) එම අමාත්‍යාංශයේ පැවති හමුවකදී.

ඒ අනුව 2018 වර්ෂයේ සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනුණු පුහුණුලාභීන් 2500 ට ආසන්න පිරිසක් සහ හෙද උපාධිධාරීන් 500 ක් මෙලෙස මෙරට හෙද සේවාවට එක් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මේ අතර, හෙද පුහුණුව සදහා බඳවා ගැ‌නෙන 2019 / 2020 උසස් පෙළ කාණ්ඩයේ අයදුම්පත්‍ර කැඳවීම සදහා වන ගැසට් පත්‍රය සැප්තැම්බර් මස මැද වනවිට නිකුත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා. ඉන් තෝරා ගැනෙන අයදුම්කරුවන් වසර 03 ක හෙද පුහුණුවක් සදහා යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම පසුගිය ජුලි මස 3315 දෙනෙකු හෙද සිසු සිසුවියන් ලෙස පුහුණුව සදහා බඳවා ගැනුණු අතර, ඔවුන් 2018 / 2019 වර්ෂවල උසස් පෙළ ප්‍රතිඵල අනුව සමත් වූ අයයි.

ඒ අනුව මේ වන විට මෙරට හෙද පුහුණුව ලබන සිසු හෙද හෙදියන් සංඛ්‍යාව 6700 ක් පමණ වන බව සඳහන්.

READ:   ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්