Saturday, April 25, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔවුන් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 09කට සහභාගී වූ අතර ඉන් ජය ගත හැකි වුයේ තරග දෙකක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට හා බංග්ලාදේශයට පරාජය වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරටයි.

ඉන්දියාව හමුවේ ලද ලකුණු 302ක දරුණු පරාජය ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ ලත් අමිහිරිම පරාජයක් වෙනවා.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්