ව්‍යාපාරික

දශක දෙකක අභිමානය සමඟ ශ්‍රී ලාංකික වාණිජ වන වගාවේ ප්‍රමුඛයා සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වෙනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි

ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21 වෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි.

ජාත්‍යන්තරය ජයගත් සිය මුල්‍යමය ස්ථාවරත්වය ඉහළින්ම සනිටුහන් කළ දේශීය සමාගමක් වශයෙන්, වසර 21ක් පුරා සිය සමාගම පිළිබඳව අඛණ්ඩ විශ්වාසය තැබූ සමාගමේ සියලුම ගනුදෙනුකාරභවතුන් හා පාර්ශ්වකරුවන් වෙතත් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙතත් ජාතියේ හරිත සන්නාමය වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය සිය ගෞරවණීය ස්තූතිය පුද කර සිටී.

file

මීට වසර 21ට ප්‍රථම වර්ෂ 2002 අගෝස්තු මස 14 දින ආරම්භ කළ සදාහරිත වැවිලි සමාගම දැනට ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම වාණිජ වැවිලි සමාගම වන අතර ජාත්‍යන්තරයට විහිදුණු ශක්තිමත් සමාගම් ජාලයක් බවට පත්වීම තුළින් සදාහරිත සමාගමේ ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිමත්භාවය මනාව පිළිබිඹු කර ඇත.

සමාගම් 07කින් සන්නද්ධ දේශීය සහ ජාත්‍යන්තර ව්‍යාපාර ජාලයකින් සමන්විත සදාහරිත සමූහ ව්‍යාපාරයේ මව් සමාගම වන සදාහරිත වැවිලි සමාගම සමග සදාහරිත ඇග්‍රි ෆාම්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, සදාහරිත පුද්ගලික සමාගම, සදාහරිත ලෑන්ඩ්ස් සමාගම, ශ්‍රී ලංකාව තුළ දේශීය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. සදාහරිත මැඩගස්කර් ලිමිටඩ්, සදාහරිත සිංගප්පූරු ප්‍රයිවට් ලිමිටඩ් සහ සියෝර් වෙර්දේ ලිමිටඩ්, එක්සත් රාජධානිය තුළ ගෝලීය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ශ්‍රී ලාංකීය සන්නාමය ලොව ප්‍රචලිත කිරීමට දායක වනවාසේම ජාතික අවශ්‍යතාවයක් වන විදේශ විනිමය ඉපයීමට ද  ඍජුව දායකත්වය සපයනු ලබන්නේ දේශීය සමාගමක් වශයෙන් සිය යුතුකම හා වගකීම ඉහළින්ම ඉටු කරමිනි.

මෙරට ජාතික වන ගහනය පෝෂණය කරමින් වාණිජ වන වගාව හරහා අක්කර 3000කට අධික භූමි ප්‍රමාණයක විහිදුණු, මිලියනයකට අධික තේක්ක, සුදු හදුන්, මහෝගනී, රඔුටන් සහ සුවිශාල අගාවුඩ් ගහනයක් ජාතියට තිළිණ කර තිබෙන්නේ තම සදාහරිත වත්කම පිළිබඳව සමාගමක් ලෙස ජාතියේම ගෞරවය ද හිමිකර ගනිමිනි.

ශ්‍රී ලාංකේය වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස අගාවුඩ් වන වගාව ප්‍රථම වරට 2013 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් පැල රෝපණයේ සිට ජාත්‍යන්තරය දිනූ අගාවුඩ් නිෂ්පාදන දක්වා ගෝලීය අගාවුඩ් කර්මාන්තයේ සියලු අංශ ආවරණය කරමින් කර්මාන්තයේ නියැලෙණ මෙරට ප්‍රමුඛතම සමාගමයි. ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන හිමි සදාහරිත සමාගම වසරකට සිය වගා කටයුතු සඳහා ලක්ෂ පහකට අධික පැල රෝපණය කරනු ලබයි.

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ කීර්තිධරයකු වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මැතිතුමන්ගේ නිරතුරු අධීක්ෂණයෙන් සහ වෘත්තීමය උපදේශක මණ්ඩලයක පරීක්ෂණ සහ නිර්දේශ මත රටපුරා විහිදුණු අක්කර 3000කට අධික වන වගාව සාර්ථකව නඩත්තු කරමින් පවත්වාගෙන යයි.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මැතිතුමන් සිය සදාහරිත සමූහ ව්‍යාපාරයට 21වසරක් සපිරෙන මොහොතේ ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “පාරිභෝගික විශ්වාසය අප සතු විශාලතම සම්පත බව මා තරයේම විශ්වාස කරනවා. 40,000කට අධික පාරිභෝගික ප්‍රජාව, වාණිජ වන වගා සංකල්පය සිය ආයෝජනයන් සඳහා උපයෝගී කර ගැනීම තමයි සමාගම සතු ශක්තිය. එම පාරිභෝගික විශ්වාසය සනාථ කරමින් අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට 2021 වසරේ සිට සිය ප්‍රථම අගාවුඩ් අස්වැන්න සමගින් “විශ්වාසයේ ප්‍රතිලාභය” පිරිනමනු ලැබුවා. ඒ අනුව අපි මේ වන විට පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ප්‍රතිලාභ පිරිනමින් සිටිනවා. ”

file

දශක දෙකකට අධික කාලයක් පුරා පාරිභෝගික විශ්වාසය තහවුරු කරන ලද සදාහරිත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්ෂ හර්ෂ අබේවික්‍රම මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්  “අගාවුඩ් හා වැනිලා වගාව තුළින් ජාත්‍යන්තර මට්ටමේ වටිනාකමින් ඉහළ අගය හිමි නිෂ්පාදන නිපදවීම අපගේ දිශානතියයි. ශ්‍රී ලංකාව තුළ අපගේ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය “One Galle Face” සුපිරි වෙළෙඳ සංකීර්ණයේ “OUD Galleria” ලෙස පිහිටුවා තිබෙනවා. එසේම ජාත්‍යන්තර ව්‍යාපාර ජාලය තුළ කටාර් රාජ්‍යයේ දැනටමත් අපගේ ප්‍රදර්ශනාගාර පිහිටුවා ඇති අතර සවුදි අරාබිය, කුවේට්, ඩුබායි සහ එක්සත් රාජධානියේ නව ප්‍රදර්ශණාගාර නුදුරු අනාගතයේදී විවෘත කිරීමට බලාපොරොත්තුවනවා. මූලික අදියරෙහි තේක්ක, මහෝගනී, සුදු හඳුන් වාණිජ වන වගාවන්හි ප්‍රතිලාභ අපගේ පාරිභෝගිකයන් දැනටමත් භූක්ති විඳින අතර ඔස්ට්‍රේලියාවේ “Wescorp” සමාගම සමග ඇතිකරගත් ගිවිසුම මගින් සුදුහඳුන් පාරිභෝගිකයන්හට සුවිශේෂී ප්‍රතිලාභ ප්‍රදානය කිරීමට සමාගමට හැකිවී තිබෙනවා. ”

වාණිජ වන වගාව තවදුරටත් ව්‍යාප්ත කරමින් ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් සහිත වැනිලා වගාව සදාහරිත සමාගමේ නවතම ව්‍යාපෘතියයි. ජාත්‍යන්තර වැනිලා නිෂ්පාදනයේ ප්‍රමුඛතම රටක් වන මැඩගස්කර රාජ්‍යයේ අක්කර 1000ට අධික වැනිලා ව්‍යාපෘතිය මේ වන විට සමාගම විසින් ආරම්භ කර තිබේ. වාණිජ වැවිලි සමාගමක් ලෙස සමාගම සතු වෘත්තීය දැනුම උපයෝගී කර ගනිමින් ඉහළම තත්ත්වයේ වැනිලා නිෂ්පාදනය කිරීම මගින් ඉදිරි වර්ෂ කිහිපය තුළ දී විශාල වශයෙන් විදේශ විනිමය ඉපැයීම ඉලක්ක කර ගෙන ඇත.

සදාහරිත වැවිලි සමාගම නව්‍යකරණයෙන් යුතු නව නිෂ්පාදන සමගින් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට පිය මනිමින් සිටියි. එමගින් පාරිභෝගික ප්‍රජාවට පොරොන්දු වූවාටත් වඩා ඉහළ ප්‍රතිලාභ පිරිනැමීමට සදාහරිත සමාගමට දැනටමත් හැකිවී තිබේ.

වැඩි දුර විමසීම්  –   115 144 400

අවසානයි

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

2 days ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

3 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

3 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

5 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

5 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago