ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 164ක් පමණයි.
Najmul Hossain Shanto පන්දු 122ක් තුළ ලකුණු 89 ක් රැස් කළා.
Towhid Hridoy ලකුණු 20යි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04ක් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී චරිත් අසලංක නොදැවී ලකුණු 62*(92)ක් රැස් කළා.
සධීර සමරවික්‍රම ලකුණු 54 (77) යි.
තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…