Monday, July 27, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 05 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 164ක් පමණයි.

Najmul Hossain Shanto පන්දු 122ක් තුළ ලකුණු 89 ක් රැස් කළා.

Towhid Hridoy ලකුණු 20යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 32කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 165ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී චරිත් අසලංක නොදැවී ලකුණු 62*(92)ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 54 (77) යි.

තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

READ:   BREAKING NEWS: කොල්ලුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටී බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්