දේශීය

බංගලියන්ට එරෙහි සිංහයන්ගේ සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.

මෙවර ආසියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කෙරුණා.

දසුන් ශානක නායකත්වය දරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ, උප නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව තිබෙනවා.

දීර්ඝ කාලයකට පසු කුසල් ජනිත් පෙරේරා සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයෙන් පසුවු කුසල් ජනිත් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු කණ්ඩායමට එක්විමට නියමිත බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ශකීබ් අල් හසන්ට හිමිව තිබෙනවා.

තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සිය අවසන් පුහුණු සැසියට සහභාගි වුණා.

ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින්.

file
file
file
file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago