ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (31) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.
තරගය පස්වරු 03.00ට ආරම්භ වෙනවා. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී.
මෙවර ආසියානු කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කෙරුණා.
දසුන් ශානක නායකත්වය දරන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ, උප නායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව තිබෙනවා.
දීර්ඝ කාලයකට පසු කුසල් ජනිත් පෙරේරා සංචිතයට එක් කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් අසනීප තත්ත්වයෙන් පසුවු කුසල් ජනිත් සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු කණ්ඩායමට එක්විමට නියමිත බවයි වාර්තා වුණේ.
බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ශකීබ් අල් හසන්ට හිමිව තිබෙනවා.
තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) සිය අවසන් පුහුණු සැසියට සහභාගි වුණා.
ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින්.






