ඊයේ ආසියානු කුසලාන සුපිරි 4 වටයේ තවත් තරඟයක් පාකිස්තානු කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවතුනා. තියුණු මුහුණුවරක් ගත් මෙම තරඟයෙන් කඩුලු එකක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
පාකිස්තාන කණ්ඩායමේ මෙම ජයග්‍රාහණයත් සමඟ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා තිබූ බලාපොරොත්තු බිඳ වැටුණු අතර ඉන්දියාවට අවසන් තරඟයට සහභාගීවීමට තිබූ අවස්ථාව ද මඟහැරී ගියා.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානු කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ අතර එළඹෙන 11 වනදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් තරඟය පැවැත්වීමට නියමිත වෙනවා.






