රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී කැබ්රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා වලපනේ හා රිකිල්ලගස්කඩ රෝහල් වෙත ඇතුළත් කළ බව වාර්තා වෙනවා.
ඊයේ (30) සවස මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වලපනේ ප්‍රදේශයේ කෝවිලක පූජාවකට ගොස් යළි කැබ්රථයකින් පැමිණෙමින් සිටි පිරිසකි.
කැබ් රථයේ ඇන්ද කැඩීයාමෙන් අනතුර සිදුව ඇති බවත් එහිදී කැබ් රථයේ ගමන්ගත් පිරිස මාර්ගයට ඇදවැටී ඇති බවත් පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


