Monday, April 20, 2026
Homeදේශීයවහාම විමර්ශන කරන්න! - බන්දුලගෙන් CIDයට පැමිණිල්ලක්

වහාම විමර්ශන කරන්න! – බන්දුලගෙන් CIDයට පැමිණිල්ලක්

රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

තමා සම්බන්ධව ඉදිරිපත්ව තිබෙන අල්ලස් චෝදනාව පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ඊයේ (15) පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසුවා.

අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත වෘත්තිය සමිති නොවන පුද්ගලයින් කිහිපදෙනකු විසින් ක්‍රියාත්මක කරන ලද වර්ජනයක් හේතුවෙන් වටිනා තරුණ ජීවිතයක් අහිමි වී විශාල ව්‍යසනයක් සිදු වුණා. එම සිදුවීමෙන් පසු රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව ඊයේ දිනයේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු, දුම්රිය නිල නිවාසවල පදිංචිව සිටින, සේවකයෙකු වන ඉන්දික දොඩම්ගොඩ නැමැති මහතෙකු විසින් මුළු මහත් රටම කැළඹී ප්‍රචණ්ඩත්වයක් ඇති වන ආකාරයේ සියලු වර්ජන සඳහා අදූරදර්ශී කැබිනට් අමාත්‍යවරයා වගකිවයුතු බවත්, ඔහුගේ වංචනික සහ දූෂිත ක්‍රියා නිසා සියල්ල සිදු වන බවත් මහජනයාට ඇඟවීම සඳහා ඉතාමත් සාවද්‍ය, ද්වේශ සහගත වෛරී ප්‍රකාශනයක් සිදු කරමින්, මේ සියලු දේ සිදුවන්නේ අමාත්‍යවරයාගේ වංචනික,දුෂිත, අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් බව මතයක් සමාජගත කර ඒ තුළින් ජනතාවගේ වෛරය අප වෙත හැරවීමට දරන උත්සාහය අපරාධයක්.ඒ පිළිබඳව මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.

READ:   රුපියල් මිලියන 300ක් වැය කර දුම්රිය කෞතුකාගාරයක් සෑදීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්