දේශීය

වැන්ගර් හමුදා නායකයාගේ මරණය ගැන ජනපති පුටින් ශෝකය පළ කරයි..

පුද්ගලික ජෙට් යානය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.

වැන්ගර් නායකයාගේ මරණය සම්බන්ධයෙන් නිහැඩියාවක සිටි ජනාධිපතිවරයා මෙලෙස සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හිදිසියේ සිදුවූ ගුවන් අනතුරකින් වැන්ගර් නායකයා ඇතුළු 10 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ගුවන් අනතුරින් වැන්ගර් නායකයා මිය ගියද යන්න සම්බන්ධයෙන් පළමුව පළ වූයේ අවිනිශ්චිත වාර්තාවක්.

වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින් රුසියානු ජනාධිපතිවරයා සමීපව ඇසුරු කර ඇති අතර රුසියාව වෙනුවෙන් වැන්ගර් හමුදාව යුක්‍රේනයේ සටන්වල ද නිරත වුණා.

වැන්ගර් හමුදාවට රුසියාව ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් පසුව වැන්ගර් නායකයා පුටින් ඇතුළු රුසියානු රජයට එරෙහිව යුදමය අවස්ථාවකට ද මුල පිරූ අතර එකඟතාවයක් මත තත්ත්වය සමතයකට පත්වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago