file
පුද්ගලික ජෙට් යානය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.
වැන්ගර් නායකයාගේ මරණය සම්බන්ධයෙන් නිහැඩියාවක සිටි ජනාධිපතිවරයා මෙලෙස සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
හිදිසියේ සිදුවූ ගුවන් අනතුරකින් වැන්ගර් නායකයා ඇතුළු 10 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.
කෙසේවෙතත් ගුවන් අනතුරින් වැන්ගර් නායකයා මිය ගියද යන්න සම්බන්ධයෙන් පළමුව පළ වූයේ අවිනිශ්චිත වාර්තාවක්.
වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින් රුසියානු ජනාධිපතිවරයා සමීපව ඇසුරු කර ඇති අතර රුසියාව වෙනුවෙන් වැන්ගර් හමුදාව යුක්‍රේනයේ සටන්වල ද නිරත වුණා.
වැන්ගර් හමුදාවට රුසියාව ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් පසුව වැන්ගර් නායකයා පුටින් ඇතුළු රුසියානු රජයට එරෙහිව යුදමය අවස්ථාවකට ද මුල පිරූ අතර එකඟතාවයක් මත තත්ත්වය සමතයකට පත්වුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…