Monday, July 27, 2026
Homeදේශීයවැන්ගර් හමුදා නායකයාගේ මරණය ගැන ජනපති පුටින් ශෝකය පළ කරයි..

වැන්ගර් හමුදා නායකයාගේ මරණය ගැන ජනපති පුටින් ශෝකය පළ කරයි..

පුද්ගලික ජෙට් යානය කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින්ගේ මරණය ගැන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ශෝකය පළ කර තිබෙනවා.

වැන්ගර් නායකයාගේ මරණය සම්බන්ධයෙන් නිහැඩියාවක සිටි ජනාධිපතිවරයා මෙලෙස සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හිදිසියේ සිදුවූ ගුවන් අනතුරකින් වැන්ගර් නායකයා ඇතුළු 10 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ගුවන් අනතුරින් වැන්ගර් නායකයා මිය ගියද යන්න සම්බන්ධයෙන් පළමුව පළ වූයේ අවිනිශ්චිත වාර්තාවක්.

වැන්ගර් කුලී හමුදා නායක යෙව්ග්නි ප්‍රිගොෂින් රුසියානු ජනාධිපතිවරයා සමීපව ඇසුරු කර ඇති අතර රුසියාව වෙනුවෙන් වැන්ගර් හමුදාව යුක්‍රේනයේ සටන්වල ද නිරත වුණා.

වැන්ගර් හමුදාවට රුසියාව ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් පසුව වැන්ගර් නායකයා පුටින් ඇතුළු රුසියානු රජයට එරෙහිව යුදමය අවස්ථාවකට ද මුල පිරූ අතර එකඟතාවයක් මත තත්ත්වය සමතයකට පත්වුණා.

READ:   පොලිස් වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්