Thursday, June 4, 2026
Homeදේශීයපුටින්ට එරෙහිව තුවක්කුව අතට ගත් වැන්ගර් හමුදා නායකයා ගුවන් අනතුරකින් මරුට?

පුටින්ට එරෙහිව තුවක්කුව අතට ගත් වැන්ගර් හමුදා නායකයා ගුවන් අනතුරකින් මරුට?

රුසියාවට එරෙහිව වරෙක යුද්ධය ප්‍රකාශ කර සිටි වැන්ගර් කුලී හේවා හමුදා නායක යෙව්ගනි ප්‍රිගොෂිනි හදිසි ගුවන් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

file

අනතුරට පත්වූ යානයේ ගමන් ගත් මගීන් ලැයිස්තුවේ ඔහුගේ නම ද වන බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

කෙසේ වෙතත් කුලී හමුදා නායකයාගේ මරණය මෙතෙක් නිශ්චිතව තහවුරු කර නැහැ.

යෙව්ගනි ප්‍රිගොෂිනිගේ නායකත්වයෙන් යුත් වැන්ගර් කුලී හමුදාව රුසියාව වෙනුවෙන් යුක්‍රේනයට එරෙහිව යුක්‍රේනය තුළ මුල් කාලයේ සටන් මෙහෙයවා සිටියා.

එහිදී රුසියානු හමුදාව විසින් වැන්ගර් හමුදාවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වැන්ගර් හමුදා නායකයා විසින් රුසියාවට චෝදනා කිරීමත් සමඟ රුසියාව සහ වැන්ගර් හමුදාව අතර හොඳ හොඳ හිත පළුදුව ගියා.

කුලී හමුදාව විසන් රුසියාව පුරා ගිනි තැබීම් ඇතුළු කලහකාරී තත්ත්වයක් ඇති කළ අතර පසුව ඔවුන් සමතයකට පත්වුණා.

READ:   ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරනවා - ජනපති බිස්නස් ටුඩේ සම්මාන උළෙලේදී කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්