file
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්වූ බව වාර්තා වෙනවා.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබි මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවේ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා වැඩ බලන අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතාත් පත්කර තිබෙනවා.
කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණික අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර වැඩබලන කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා පත්කර තිබෙනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…