ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (21) අලුයම දිවයිනෙන් පිටත්වූ බව වාර්තා වෙනවා.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපති හලීමා යෙකුබි මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙනවා.
මේ අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාවේ ඔහු යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය සඳහා වැඩ බලන අමාත්‍යවරුන් සිව් දෙනෙක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ශෙහාන් සේමසිංහ මහතාත් පත්කර තිබෙනවා.
කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණික අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර වැඩබලන කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස අනූප පස්කුවල් මහතා පත්කර තිබෙනවා.


