Wednesday, June 24, 2026
Homeදේශීයබඹර ප්‍රහාරයකින් බේරීමට දිව ගිය පාසල් සිසුවෙක් ඇද වැටී මරුට

බඹර ප්‍රහාරයකින් බේරීමට දිව ගිය පාසල් සිසුවෙක් ඇද වැටී මරුට

නුවරඑළිය බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී ඊයේ (20) සවස බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් සිව්දෙනෙකු ඉන් බේරීමට දිව යාමේදී එක් පුද්ගලයෙක් ගලකින් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වූ බඹරකැලේවත්ත, නුවරඑළිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.

මෙලෙස ඇද වැටුණු සිසුවා නුවරඑළිය ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.

නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   විරාත් කෝලි තවදුරටත් පෙරමුණේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්